Submit your work, meet writers and drop the ads. Become a member
A poem,
I would like to write
Pen in my hand...
It attempts...
Choking my throat
Unable to recite

A poem seeped  
Down the leaves of
An unknown tree …
In a  ****** forest

In the minus degrees
Of the remote Antarctica
Alone,
Amidst of freezing winds

Well, well, well,
That's enough!
Enough of your lies….
Says my conscience!
ලෙනින් පියවර තබයි
ලෝකය වටා ....
දේශසීමාවලට නොහැක
ඔහු නවතන්නට...
නවතාලනු නොහැකිය
බැරැක්ක හෝ බැරිකේඩවලිනුත්
කටුකම්බි වැටෙන් නොහැකිය
තුවාල කෙරුම ද ඔහුට...
ලෙනින් පිය සටහන් තබයි
මිහිතලය සිසාරා
කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ
පිළිගනී ඔහු සාදරෙන්....
භාෂාව බාධක නොවේ
කිසිදා නෑසූ විරූ
අමුතු භාෂා වහරන්නෝ
පවා විශ්වාස කරති ඔහු...
ලෙනින්ගේ පිය සටහන්
ලොව වටා පැතිරෙයි
හිරු බැස යයි
කැළලක් ලෙසින්
අඳුර හා අරුණෝදය අතරින්
නැගෙනු බලව අර
රතු තරුවක්!
මේ කව, ලැංග්ස්ටන් හියුස්ගේ 'Lenin' නම් කවියේ පරිවර්තනයකි. ලැංග්ස්ටන් හියුස්, (James Mercer Langston Hughes/ 1901 -1967) අප්‍රිකානු අමෙරිකානු කවියා, වඩාත් ප්‍රසිද්ධ වූයේ හාලෙම් විරෝධතා ව්‍යාපාරයේ නායකයකු ලෙසයි.
විසි වසරක් ගෙවී
නිදිබර දෙනෙත් ඇහැරී
සුබ පතන හදවතක
ලේ ගලයි නොනැවතී

කටු ඇණුන අත්වල
නෙලූ මල් නැත
පිරි මැද සෙනෙහසින්
මල් පෙති පහස ඇත

පිටාරව ගලන ගගුලක
උල්පතය ප්‍රේමය
කාලය විසින් වෙන් කළ
ජීවිතය ඇද වැටෙයි පොළොවට

වදන්වල ඇමිණී
ගිය නුවණ නැත පැමිණී
මේ තරම් අහිමි වී
අමතක නොවන මිහිරී

අලුත්වන හදවත්වල
පැරණි රුධිරය උණුසුම්
දුක්බර නොමැත සැමරුම්
හිමිවන දිනක සුපැතුම්!
සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත්  එසැවෙන  
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ

පොලිස්  බැරියර්  පෙරළනා  
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ

සොච්චම්  වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන්  පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය

පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය  එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය

ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
ප්‍රකට වෘත්තිය සමිති නායකයකු හා වාමාංශිකයකු වූ කුරුවිටගේ ජිනදාස සිල්වා හදිසි අනතුරකින් රෝහල්ගතව සිට පසුගිය 8වැනිදා අභාවයට පත් විය.
හිරු එළියක උණුසුම මෙන් සටන් බිමට එක් වූ
දිය දහරක සිසිලස මෙන් දයාදරය          දැක් වූ
ජීවිතයක උස් අරමුණු පිණිස එ'මග       පෙන්වූ
උදෑසනක වියෝගයකි අප හදවත්        තෙත් වූ

ගලා යන මේ තරම් කදුළු
මේ බිම තෙත් කර වේදනාවෙන්
ගලා ගියවග දන්නේ කවුද
පියෙකුගේ උතුම් රුහිරු

රැයක් මුලුල්ලේ පාලුවේ
මියෙන්නට අත හැර දමා ගිය
මිනිසකුට කියන්නට තිබුණි
පලා ගිය මෘගයාටත්

සටන් කළ එකෙකු වග
පලා යනවුන්
යටත්වනවුන්
වෙනුවෙන් පවා

ඒ රැයේ සාක්ෂිය දරා
මහ පොලොව බදා වැළපෙන
අහසටත් ඇති ගුගුර ගුගුරා
වහින්නට තරම් ශෝකයක්

ඉතින් ඉතිරිද කාලයක්
ඔඛට,මේ ලියන මට
යම් මොහොතක
මියෙන්නට දමා යන්නට පෙර ?
එතරම් සුන්දරය මිනිසුන්....
දිගු කෙස් ඇති මිනිසුන්
කෙටි කෙස් ඇති මිනිසුන්

කොළවන් ඇස් ඇති මිනිසුන්
නිල්වන් ඇස්
දුඹුරුවන් ඇස්
කහවන් ඇස් ඇති
මිනිසුන්....
පුලූල් සිනා ඇති මිනිසුන්
ඉක්මන් කෙටි සිනා ඇතිවුන්

වක‍්‍ර ඇති උන්
එසේ නැතිවුන්
උස් දේහ ඇති මිනිසුන්
මිටි දේහධාරින්

පච්ච කොටාගත් මිනිසුන්
විදගෙන කරාබු සවිකරපු උන්
කොණ්ඩා පාට කළවුන්

වෙනස් වූ හැම විදියටම තමන්
හඳුන්වාගන්න උන්
ඇඳුම් අඳින මිනිසුන්
ඒවා නැතිව ඉන්නට කැමති උන්


මනෝමයෙන් ගණන් හදනවුන්
නින්දෙන් සිත්තම් අඳිනවුන්
නිදහසේ එළිපිටම පෙම් කරනවුන්

කෙල්ලන්
කොල්ලන්
එහෙමම නැති
දෙගොල්ලන්
සියල්ලන්
කිසිවක්ම නැති
ඔව්
නෑ
සමහර විට
ඉතින් කොහොමද තීරණය කරන්නෙ?
උන් හැමෝම සුන්දරයිනෙ !
Cara Christie (කාරා ක‍්‍රිස්ටි) නම් අමෙරිකානු කිවිදියගේ ‘i love people‘ කවියේ පරිවර්තනයකි
ආදරය කරන විට ඔබ
කරන්න එය සඳ මෙන්
රාත‍්‍රිය සොරකම් නොකරමින්
හෙළිදරව් කරමින්
අඳුරෙහි සුන්දරත්වය....

ආදරය කරන විට ඔබ
කරන්න එය වැස්ස මෙන්
සිරුර තෙතබත් නොකර
සෙමෙන් සෝදා හරිමින්
ආත්මය කිළිටි කරවන දුක

ආදරය කරන විට ඔබ
කරන්න සුළඟ මෙන්
ගත දුරක පා නොකරමින්
ජීවිත දාහය නිවා දමමින්

ආදරය කරන විට ඔබ
කරන්න හිරු මෙන්
තාපයෙන් දවා නොමහරිමින්
ආලෝකයද උණුසුමද හිමිකරමින්

ආදරය කරන විට ඔබ
කරන්න එය තරු මෙන්
හුදු ප‍්‍රමෝදයෙන් නොමදිලෙමින්
මරණයෙන් පවා වෙන් නොකරමින්

ඉතින් තවදුරටත්
ආදරය කරනවිට ඔබ
කරන්න මුලූ මහත් විශ්වය මෙන්
හුදෙක් එහි කොටසක් නොවී
(Jasleen Kalra නමැති ඉන්දිය කිවිඳිය HelloPoetry හි පළ කළ And if you are to love  කවියේ පරිවර්තනයකි)
Next page